පරිගණකයට වඩා මිනිස් මොළය තවමත් ඉදිරියෙන්

පරිගණකයට වඩා මිනිස් මොළය තවමත් ඉදිරියෙන්
පාසල් මෙන් ම විශ්ව විද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවලද සිසුන්ගේ විභාග ලකුණු ශ්‍රේණිගත කිරීම සඳහා වර්තමානයේදී පරිගණක භාවිත කෙරේ. මෙය ප‍්‍රබල හා සුලබ වශයෙන් යොදා ගැනීමට මූලික හේතුව වී ඇත්තේ පරිගණකය සතු කාර්යක්ෂම භාවය හා නිවැරැදි භාවයයි.මෙලෙස සිසුන්ගේ දක්ෂතා තක්සේරු කිරීමට පරිගණක මෘදුකාංග යොදාගැනිමේදී ඇතැම් විට අඩුලුහුඬුකම් මතුවීමට ඉඩ ඇත. එසේ වන්නේ බොහෝ විට සිසුන්ගේ වාක්‍ය රචනා ආදී නිර්මාණාත්මක සටහන් ඇගයීමට යාමේදීයි.සාමාන්‍යයෙන් රචනා ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රේණිගත කරන්නා ඥානාන්විතව රචනා තක්සේරුව සිදු කරන අතර, මනෝමය ලෙසින් ලිපියේ වචන රටාව තේරුම් ගනිමින් ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබයි. සිසුන්ගේ රචනා ඉතාමත් විශිෂ්ඨ ආකෘතියක පවතී නම් A සාමාර්ථලාභීන් ලෙස ශ්‍රේණිගත කරනු ලබයි. මෙකී රචනා සාමාන්‍ය ආකෘතියක පවතී නම් C සාමාර්ථ ලාභීන් ලෙස ශ්‍රේණිගත කරනු ලබයි.නමුත් පරිගණක මාදුකාංග නිර්මාණාත්මක හඳුනාගැනීම සිදු කරනු ලබන පළමුව ඔබට ලබාගැනීමට අවශ්‍ය තොරතුරු කුමක්දැයි මවා ගනු ලබයි. විශ්වකෝෂ සටහන් සොයා බලනු ලබයි. සංයුක්ත ලෙසින් සියලුම සටහන් පරිගණකයට ඇතුලත් කිරීම ආරම්භ කිරීමෙන් පරිගණකය ඔබට ඇවැසි සියලුම වචන ලබා දේ. විශේෂන පද, නිපාත, නිවැරැදි වචන ශබ්ද කිරීම්, ආදී බොහෝ භාෂාව හා සම්බන්ධ දෑද ලබා දෙයි. මේ ක‍්‍රමය අවසානයේ දී මෘදුකාංගය විසින් අත විශිෂ්ට වූ 10000 ඉක්මවන වචන සංග‍්‍රහයක් ලබා දෙනු ලබයි. පරිගණකය ඊළඟ වචන දස දහස ඇතුළත් කිරීම සඳහා ඉඩක් සකසා ගනී.
එක් වචනයකට එක් ඉඩක් බැගින් සෑම විශ්ව කෝෂ සටහනකට ම ආවේණික වූ තැනක් මෘදුකාංගය විසින්ම සකසා ගනුලබයි.සමාන අදහස් ඇති ලිපි ලේඛන එකිනෙක හා මනා සබැදියාවක් පවත්වා ගනී. එහෙත් අසමාන හා විරුද්ධ අංශවල ඇති ලිපිලේඛන එකිනෙක හා සම්බන්ධතාවක පවත්වනු නොලබයි. මෙකී වටහා ගැනීමට අපහසු ලිපි ලේඛන සමඟ ඒවාට ආසන්නම සම්බන්ධකමක් පවත්වන්නා වූ ලිපි ලේඛන සමඟ යොදා ගනී. ඔබට සුනඛයන් ගැන යම් තොරතුරක් අවශ්‍ය නම් එය සොයා යෑමේදී මෘදුකාංගය විසින් කැනයින් මැචල් සුනඛයන්ට සමාන සත්ව කොට්ඨාශයක් ලෙස මොවුන් හැඳින්වේ.) යන්න අතහැර හා නොසලකා හරිමින් අනෙක් සුනඛයන් ගැන තොරතුරු ලබා දේ. මන්දයත් ඔවුන් සුනඛයන් සහ CANINE සත්වයන් අතර ඇති වෙනස වටහාගෙන ඇති බැවින් එලෙසින් මෙකී සත්ව කොට්ඨාශ ද්විත්ව අතර ඇති සම්බන්ධතාවයද මෘදුකාංගය විසින් හඳුනා ගනුලබයි.කෙසේ නමුත් මේ වන විට මෘදුකාංග නිපදවන්නන් තම දීර්ඝ කාලීන අත්දැකීම් භාවිත කිරීම මඟින් ඉතා වැදගත් කරුණක් අවබෝධකරගෙන ඇත. එනම් මෘදුකාංග බොහෝ විට නිර්මාණශීලීත්වය මැන බැලීමට යොදා ගැනීම එතරම් පලදායක නොවන බවයි. මන්දයත් මෲදුකාංග බොහෝ විට නිර්මාණශීලී දේ සහ ඉතාමත් සංකීර්ණ භාෂා ව්‍යවහාරයන් සමග සංවේදී නොවන බැවිනි.ඒ අනුව මිනිස් අධ්‍යාපන මැන බැලීමේ ආයතනය විසින් මෘදුකාංග භාවිතා කර විභාගයන්හිදී රචනා ශ්‍රේණිගත කිරීමට විශාල වශයෙන් අවසර දී නැති නමුත් මහා පරිමාණයෙන් සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් සඳහා තවමත් යොදා ගනු ලබන්නේ මිනිස් මොළයයි.

No comments:

Post a Comment