නිවැරදි ඉගෙනීමට නිවැරදි මඟ

නිවැරදි ඉගෙනීමට නිවැරදි මඟ
සාර්ථක අවසානයක් ලබා ගැනීමට සාර්ථක ආරම්භයක් තිබිය යුතු ය. මිනිස් දිවියේ අසිරිමත් බව, තමන් වෙත ළඟා කර ගැනීමට නම්, ජීවිතයේ මුල් අවධියේ සිට ම හොද ආරම්භයක්,  ලබාදිය යුතු බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ සඳහා අපි අපගේ මානසික බලය හා ශක්තිය වැඩි දියුණු කිරීමට අවශ්‍ය හැකි සෑම උත්සාහයක් ම දැරිය යුතු වෙමු. ඊට හොඳ පදනමක් ලබා ගැනීමට නම් අප විසින් ඉගෙන ගැනීමට, ඉගෙන ගත යුතුය.මේ ලිපිය කියවන ඔබ ඉගෙන ගැනීමේ කාර්යයේ යෙදී සිටින පුද්ගලයෙකු නම් ඉගෙන ගන්නා අවධියේදි ඔබගේ අනාගත අධ්‍යාපන අරමුණු පැහැදිළිව විග‍්‍රහකර ගත යුතු ය. නිතර නිතර එම අරමුණු ගැබ්වෙන රීතියක්, සූත‍්‍රයක් හෝ නියමයක් සංකේතයක්, නියම වචන මාලාවක් මගින් එම අරමුණු සිහිපත් කරගත යුතු ය. මේ අභ්‍යාසයන් දිනපතාම උත්සාහයෙන් ප‍්‍රගුණ කිරීම වැදගත් වනු ඇත.මනාලෙස පුහුණු කරන ලද මනස මේ ලෝකයේ අපට ඇති එකම සම්පත බව තේරුම්ගත යුතුව ඇත. ඒ පිළිබඳ අප ඉගෙනගත යුතුව ඇත.මුදල් අතින් සකසුරුවම් වී කාලය අපතේ යැවීම දුප්පත් ආර්ථක රටාවකි. මෙහිදී අවධාරණයට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ පුහුණු කරන ලද මොළයක් සමඟ මුදල් බලයට තරග කළ නොහැකි බවයි.සෑම රටක් ම, වෘත්තියක් ම, සෑම ව්‍යාපාරයක් ම පුහුණු වූ මනසක් ඇති තැනැත්තාව සොයාගෙන ගොස්, ගෞරවයෙන් පිළිගනී. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් ම කරුන වන්නේ උසස් සමාජයකට පිවිසෙන දොරටුව සහ සෑම උසස් වීමකට ම එකම ‘යතුර’ වන්නේ පුහුණු මනස වන බවයි.අප විසින්, අපගේ මොළය පාවිච්චි කරන අන්දම තීරණය වන්නේ අපගේ චිත්තවේගීය පරිශ‍්‍රමය මගනි. චිත්තවේගීය පරිශ‍්‍රමයේදී අප කල්පනා කරන දේ සිතන පතන දේ ඉතා වැදගත් වනු ඇත.ජීවිතය උසස් තත්ත්වයකට පත්කර ගැනීමට නම් කල්පනා ශක්තිය පමණක් ප‍්‍රමාණවත් නොවේ. ප‍්‍රබල චිත්තවේගීය පරිශ‍්‍රමය ද ඊට නිරායාසයෙන් ම එකතු කරගත යුතු වේ.මනසේ ඒකීය භාවය අප විසින් තේරුම් ගැනීමෙන් ඉගෙනීමට, ඉගෙන ගත හැකිය. මනසේ ඇතිවන ප‍්‍රබල හැඟීීම් අප විසින් දමනය කර නොගත ;හාත් අපේ ශක්තිය අපතේ යනවා පමණක් නොව අප බලාපොරොත්තු වන අරමුණු ද ඉටු නොවනවා ඇත.
පරිසරයේ ආකර්ශනයබාහිර ලෝකය තුළින් අපි විවිධ කරුණු ඉගෙන ගනිමු. එසේ ඉගෙන ගන්නා කරුණු වලින් අපට අවශ්‍ය කරුණු තෝරා ගැනීමට ත් , අදාල නොවන කරුණුවලින් අදාල කරුණු වෙන් කර ගැනීමටත්, නිෂ්ප‍්‍රයෝජන කරුණුවලින් ප‍්‍රයෝජන කරුණු තෝරා ගැනීමටත්, අයහපත් දේ තුළින් යහපත් දේ තෝරා ගැනීමටත් අප ඉගෙන ගත යුතුය.ජීවිතයේ දී අප විසින් මුහුණ දෙන සෑම අවස්ථාවන් හා සිද්ධීන් මගින් ඉන්ද්‍රිය ශක්තිය ශක්තිමත් කිරීමට මග සකස් වී ඇති අතර. ස්නායු ප‍්‍රතිකි‍්‍රයා වේගවත් කිරීමටද එමගින් හැකිවනු ඇත. දැකීමෙන් හා ශ‍්‍රවණයෙන් ලබාගන්නා දැනීම අප පීඩාවට පත් නොකරන්නේ නම්, එය අපගේ පෞරුෂත්වය ප‍්‍රභාසම්පන්න කිරීමට සමත් වේ.අපගේ දැකීමට හා ශ‍්‍රවනයට ලක්වෙන්නා වූ අනන්ත අප‍්‍රමාණ යහපත් ප‍්‍රයෝජනවත් දේ අප අවට පරිසරයේ ඇත. වාසනාවන්ත සිදුවීම් හෝ අවස්ථා අපගේ ජීවිතයට ඇද ගැනීමේ ශක්තිය අප තුළම ඇත. මේ නිසා එම ශක්තිය ඔබ විසින් ප‍්‍රබල කර ගත යුතු අතර එය ප‍්‍රබල කර ගැනීමට වෙහෙස විය යුතුය. එය ඔබ වෙත ළඟා කර ගැනීමට නම් එය ළඟාකර ගන්නා ආකාරය පිළිබඳ ඔබ ඉගෙනගත යුතුය.ඉගෙනීමට ඉගෙන ගැනීමේ දී ඔබ, ඔබ විසින් ම ප‍්‍රශ්න අසා ගත යුතුයි. මේ ලෝකයේ අන් සියලු දේට ම වඩා මා කිරීමට කැමති කුමක්ද? ලබාගැනීමට කැමති මොනවාද? යන්න සිතිය යුතුය.ඉඩ ප‍්‍රස්ථා නිතරම දක්‍ෂයින් පසුපස ගමන් කරන බව සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක පර්යේෂණවලින් පෙනී යන කරුණකි. ඔබ නිවැරැදි නම් ඔබ දක්‍ෂයෙන් නම්, ඉඩ ප‍්‍රස්ථා ඔබව සොයාගෙන එනු ඇත. සමාන දේවල් එකිනෙකට ආකර්ශනය වනවා මෙන්, විශිෂ්ටත්වය අරමුණු කරගත් පුද්ගලයන්ට විශිෂ්ට දේවල් ලබාගත හැකිය. ඔබ කරන , ඔබ නියැලෙන කාර්යය කුමක් වුවද, ඉතාමත් වැදගත් කරුණ වන්නේ එම කි‍්‍රයාව හෝ කාර්යය පිළිබඳ ඔබ තුළ ඇති විශිෂ්ටත්වයයි. දක්‍ෂතාවයයි.
විවේක කාලයඅපගේ බලය හා ශක්තිය අරමුණක් ඉලක්ක කොටගෙන ඵලදායී අන්දමට කි‍්‍රයාත්මක කරවීම ද? ඉගෙන ගැනීමේදී වැදගත් වේ. මෙහි මූලධර්මය වන්නේ විවේකය සහ විවේක කාලය නිවැරැදිව පාවිච්චි කිරීම අමතක නොකරන අතර බලාපොරොත්තු වන අරමුණක් හෝ අරමුණු කරා අපගේ ශක්තිය පාවිච්චි කිරීමයි. පළමුව ඔබ විවේක කාලය සංවිධානය කරගෙන, ඉන් අනතුරුව එය පාවිච්චයට ගත යුතුයි. නිදා ගැනීම, වැඩකිරීමට, ගමන් බිමන් යාමට, කී‍්‍රඩා කිරීමට, විවේකයට, මෙපණයැයි ගණනයකර බලන්න. එමගින් ඉගෙනීමට ඉගෙනගත හැකිවනු ඇත.
අවබෝධයඅවබෝධයෙන් ඉගෙන ගැනීම ද සාර්ථක පියවරකි. තමන් කෙරෙහි නිතර සැකයක් ඇති තැනැත්තා වෙත, හොද දේවල් හෝ හොද ඉඩ ප‍්‍රස්ථා ගලා එන්නේ නැත. ආත්ම විශ්වාසය වාසනාවන්ත ජිවිතයක හොද අත්තිවාරමක් වේ. ජීවිතය සාර්ථක කරගන්නේ කිසියම් මායාකාරී විජ්ජාවකින් නොව, විද්‍යාවෙනි. මානසික ශක්තියේ අත්තිවාරම ධාරණ ශක්තියයි. සිතේ ඇතිවන සාමාන්‍ය හැඟීම ඒවා ධාරණය කර ගැනීම, ඒවා නැවත මතක් කර ගැනීම, ධාරණ ශක්තියේ ප‍්‍රධාන කොටස් වේ. අපගේ සිතේ යම් අදහසක් හටගත් විට එය හටගැනීමට තුඩුදුන් සිතුවිලි පරම්පරාව ඔස්සේ ගමන් කිරීම හොද ව්‍යායායාමයකි.එම අදහස් ඔබට කෙසේ ආවාදැ’යි ඔබ, ඔබගෙන් ම ප‍්‍රශ්න කරගන්න. කල්පනා කිරීමේ කි‍්‍රයාදාමය මෙයයි. පොත් කියවීමෙන් හෝ පාඩම්වලට සවන් දීමෙන් හෝ අප විසින්ම , සිතීමෙන්ම අපට ඇතිවන අදහස් ගැන අපිම කල්පනා කළ යුතුයි. අපේ ඉන්ද්‍රියයන් මගින් අපට එන අවබෝධයන් ඉතා සැලකිල්ලෙන් එම අවස්ථාවේදීම දැන ඉගෙන ගැනීම වැදගත් කි‍්‍රයාවකි. එමෙන්ම එම දැනගැනීම අපට දැකීමෙන් හෙවත් දර්ශයෙන් ලැබුණත් ඇසීමෙන් හෙවත් ශ‍්‍රවණයන් ලැබුණත්, එම දැනීම් නිසා සිතේ ඇඳෙන පිංතූර කීපවතාවක් නැවත නැවත සිහියට නගාගතහොත් එය සිතේ ධාරණය වනු ඇත.ඉගෙනීමට, ඉගෙනීමේ කි‍්‍රයා පිළිවෙළේ දී අනුස්මරණය හෙවත් මතක් කර ගැනීම වැදගත් කරුණක් වේ. මෙහිදී කල්පනාවට ගත යුතු කරුණක් නම්, මතක තබාගැනීමට හැකියැයි විශ්වාසයක් තමන් තුළ ඇතිකර ගැනීමයි. එසේම ඉගෙන ගැනීමට ඇති දුෂ්කරතා මැඩගැනීමට නොහැකි යැයි යන හැගීම වළක්වා ගැනීමට හැකිබව සිතේ ඇතිකර ගත යුතුවේ. ආහාර ශරීරයට ජීරණය වනවාසේ තමන් ඉගෙන ගන්නා දේ, සිතට දිරවා ගත යුතු වේ. ඉඳුරන් මගින් මනසට එන දැනීම් හොඳින් තේරුම් ගත යුතුයි.
උත්සාහය හා අධිෂ්ඨානයඉගෙනීමට ඉගෙන ගැනීමේදී උත්සාහය හා අධිෂ්ඨානය යන කරුණු දෙකම අන්‍යෝන්‍ය වශයෙන් එකට බැඳී පවතින සංකල්ප දෙකක් වේ. ඔබේ සිත හා කය ඔබට පාලනය කරගැනිමට හැකිවන්නේ උත්සාහය හා අධිෂ්ඨානය තුළින් ය. යන්න ඔබ මොහොතකටවත් නොසිතන්නට අත. උත්සාහ වන්තව ඉගෙන ගැනීමෙන් ඉගෙන ගැනීමට වැඩිකාලයක් ගත නොවේ උත්සාහවන්ත බව අධ්‍යාත්මික බලයක් වනවා පමණක් නොව, දැනට අපවෙත ඇති ශක්තීන් හා බලය ආරක්‍ෂා කර ගැනීමට තුඩු දෙනු ඇත. උත්සාහය අවශ්‍ය නොවන ජීවිතය අපගේ ශක්තීන් හා බලයන්ගේ බල මහිමය හීන කරයි. නොපසුබට උත්සාහයකින් කි‍්‍රයා කිරීමෙන් පමණක් අපේ බල පුළුවන්කාරකම්වල කාර්යක්‍ෂමතාව ආරක්‍ෂා කරගත හැකිවේ. මනුෂ්‍ය ඉතිහාසයේ යම් ප‍්‍රගතියක් පෙනේ නම් එයට හේතුව, එම මනුෂ්‍ය වර්ගයාගේ නොපසුබට උත්සාහයයි. නොපසුබට උත්සාහයෙන් මනුෂ්‍ය වර්ගයා සිය දෛවය ළඟා කර ගනී. මුදුන්පත් කර ගනී. සියලු සත්ත්වයන්ට මනුෂ්‍යයා අග‍්‍රවූයේ නොපසුබට වීර්යයෙන් වැඩ කිරීම නිසා බව අප මතක තබාගත යුතුය.
පහසු ජීවිතයඉගෙන ගැනීමට, ඉගෙනීම සඳහා යන ගමනේදී, පහසු ජීවිතයක් කෙරෙහි අපගේ සිත් නොබැඳිය යුතුයි. ඒ මන්ද යත්, පහසු ජීවිතයක්, නැතිනම් උත්සාහයෙන් තොර ජීවිතයක් අපේ බල ශක්තීන් අඩපණ කරන නිසාය. ජීවිතය පිළිබඳ අප ඉගෙන ගන්නා න්‍යාය ධර්ම, ඉක්මනට කටි කලකින් ඉගෙන ගැනීමට හා ධාරණය කිරීමට නම් දිනපතා ම එම ඉගෙන ගන්නා න්‍යාය ධර්ම අපගේ ජීවිතයට ඇබ්බැහි කර ගැනීමටත්, අපගේ ජීවිතයේම කොටසක් බවට පත්කර ගැනිමටත්, අප විසින් ම උපක‍්‍රම සොයා යා යුතුය. ඉගන ගන්නා න්‍යාය ධර්ම කි‍්‍රයාවට නගන්නේ නම් අප මුහුණ දෙන දුෂ්කරතා මැඩ පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එපමණක් ද නොව, අප විසින් අප වෙනුවෙන් නිදහස්ව, අපේ කල්පනාවන්ට අනුව නිවැරැදිව ඉගෙන ගැනීමට, ඉගෙන ගැනීමෙන් මානසික සිමාවන් ද පුළුල් කරගත හැකිවනු ඇත. විචාර බුද්ධිය හා කල්පනා ශක්තිය වැඩි දියුණු වීමටද, එය හේතුවක් වනු ඇත.
රමණී මල්කාන්ති ජයවර්ධන

No comments:

Post a Comment