ගුත්තිල කාව්‍යය
කෝට්ටේ යුගයේ රචිත කාව්‍යය ග‍්‍රන්ථයක් ලෙස ගුත්තිල කාව්‍යය හඳුන්වා දිය හැක. වෑත්තෑවේ හිමියන් ලියූ ගුත්තිල කාව්‍යයයේ භාෂාව සරලය. සමකාලීන අනෙක් කාව්‍යයයන් හා සංසන්දනාත්මකව බලන විට ඒ බව පැහැදිලි වේ. ගුත්තිල කාව්‍යයට පෙර ලියූ ගී කාව්‍ය ලෙස මුවදෙව්දාවත, සසඳාවත කව්සිළුමිණ, හඳුන්වා දිය හැක. මේ ගී කාව්‍යය වල භාෂාව සමාන්‍ය ජනතාවට රස විඳීමට නොහැක.නිදසුන්බමත බමර වැල - නැඟි බැස පුල් තඹරින් (සසඳාවත)
මලිගිය මල් දම් - සුද’ ඟර තවර හර’ඹ රෙන්සරාසිසි රැස් ගත් ලත් - ගී දැපියෝ පුරපියෝ (කව්සිළුමිණ)ඉහත ගීදෙක තේරුම් ගැනීමට ගැටපද විවරණ අවශ්‍ය ය. නමුත් ගුත්තිල කාව්‍යයයේ පහත කවිය දෙස බලන්න. එහි භාෂාවේ ඇති සරල බව මනාව පැහැදිලි වේ.බරණැස් නුවර සිටඋදේනි නම් නුවරටපුරා බඩු ගැල් පිටරැගෙන ගිය වෙළඳු වෙළඳාමටවෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය රචනා කිරීමේ දී යොදා ගන්නා ලද භාෂාවේ ඇති සරල බව තේරුම් ගත් මාර්ටින් වික‍්‍රමසිංහයන් “සිංහල සාහිත්‍යය නැගීම” නම් කෘතියේලා මෙසේ සටහන් කරයි. “අවංක භක්ත්‍යාදරයෙන් වැඳ වැටෙන දැරියක මෙන් වෑත්තෑවේ හිමියෝ සිතින් මවාගත් බුදු රුවට වැඳෙන සරල සුගම පද්‍යයකින් තමන්ගේ ශ්‍රේෂ්ඨ කාව්‍යය ආරම්භ කළහ.” (මාර්ටින් වික‍්‍රමසිංහ, සිංහල සාහිත්‍ය නැගීම)ගැමි ජීවිතය හා බැඳි ඉතා සරල උපමා වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය ට යොදා ගෙන තිබේ. ඒ නිසාම එකල ගැමි ජනතාව අතර ගුත්තිල කාව්‍යය ජනප‍්‍රිය කාව්‍යය බවට පත් විය.
“කිරි දියෙහි දෙවියත්අඟූරු සුදු වන කලෙක් නම් නැත්”
“මොහුට අප දුන් සිප්පෙවූ කිරි වැන්න විසගොර සිප්”ගුත්තිල කාව්‍යයයේ කවි 115 කි. මේ කවි වැනුම් සියල්ල එකින් එකට වෙනස්ය. ඒ නිසාම ගුත්තිල කාව්‍යය පුරාම අපූරු රසයක් ගැබ්වී තිබේ. එක් එක් වැනුම් වලදී රිද්මය එකිනෙකට වෙනස් වේ. සැණකෙළි වැනුමේ රිද්මය මෙසේය.
කියමින් ගී රස මියුරූතබමින් පද තල අනුරූබඳිමින් දන මන නුවරූකෙළිමින් යෙති බැඳ බහුරූ
මේ රිද්මය නැවතත් සුරඟන රැඟුමේ දී වෙනස් වන්නේ මෙසේය.
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබාරන් රසේ එක් වන ලෙසේ වෙණ නා දනූපා තබ තබාකම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබාමම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සුබා
ගුත්තිල කාව්‍යයයේ සැණකෙළි වැනුම, වෙණ මිහිර සුරඟන වැනුම වැනි වැනුම් කාව්‍යයයේ රසයට වන ආලෝකයක් සපයන්නා සේය ශබ්ද මාධූර්යය අර්ථ මාධූර්යය පැහැදිලි කරයි. වෙණ මිහිර වැනුම ඇරඹෙන්නේ මෙසේය.
දිය දිය ගොස පල කෙරෙමින් සපැමිණිගිය ගිය තැන ඉස්වා රන් මුතු මිණිගිය ගිය දිය තද එන මෙන් ගෙන මිණිසිය සිය ගුණයෙන් වෙණ නද නික්මිණිමේ කවියේ දී සපැමිණි මුතුමිණි, ගෙතැමිණි, නික්මිණි. යන ආදී භාෂා භාවිතය ශබ්ද රසයට මනා උදාහරණයන්ය. එමෙන්ම වෑත්තෑවේ හිමියන් කවිය තුළ කෙටි වැකි භාවිතා කිරීම නිවැරදි ව්‍යාකරණ රැකීම යන කරුණු පිළිබඳව සැලකිලිමත් වී තිබේ. ඉන් කවියේ අර්ථ රසය මනාව ඔප් නැංවේ.
රැගත් සුරා පිරූ විතින්සුගත් තඹරු පෙති සෙනෙතින්පුවත් නොදැන බමන ගතින්නටත් අයෙක් සුරා මතින්
ඉහත කරුණූ අනුව යමින් කෝට්ටේ යුගයේ ලියවුණු කාව්‍ය කෘති අතරින් විශිෂ්ඨතම කාව්‍යය ලෙස වෑත්තෑවේ හිමිගේ ගුත්තිල කාව්‍ය හඳුන්වා දිය හැක.
No comments:
Post a Comment