කාලයෙන් උපරීම ප‍්‍රයෝජන ලබා ගන්න

කාලයෙන් උපරීම ප‍්‍රයෝජන ලබා ගන්න
විභාග අපේක්‍ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප‍්‍රශ්න පත‍්‍රවලට පිළිතුරු සැපයීම සඳහා ලැබෙන කාලය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් බව සඳහන් කළ යුතුමය. එබැවින් ඔබට සෑම තත්පරයක් කෙරෙහි ම හැගීමක් තිබිය යුතුය. එබැවින් එක් පිළිතුරක් සඳහා වැඩි කාලයක් ගත කිරීමෙන් අනෙක් පිළිතුරුවලට ගත කළ යුතු කාලය අඩු වී යයි. එය ඔබට අවාසිදායක වනු ඇත. එබැවින් ප‍්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට අවශ්‍ය කාලය තුළ, ප‍්‍රශ්නයට පිළිතුරු ලිවීමට පුහුණු විය යුතුය. කලින් සඳහන් කළාක් මෙන් විද්‍යාව  ඪඪ  ප‍්‍රශ්න පත‍්‍රයේ එක ප‍්‍රශ්නයක් සඳහා විනාඩි 18 ක කාලයක් ඔබ ගත කළ යුතු නම් එම විනාඩි 18 තුළ දී ප‍්‍රශ්න කියවා තේරුම් ගෙන අදාළ පිළිතුර නියමිත සැකිල්ලක් ඇසුරින් මානසිකව සංවිධානය කරගත යුතුවේ. උත්තර පත‍්‍රයේ පිළිතුර පැහැදිලිව ලිවීමට ඔබට ඒ අනුව හැකියාව තිබිය යුතු ය.නියමිත කාලය තුළ දී පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට නම් විභාගයට පෙරාතුව සිටම ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍රවලට, නියමිත කාලවේලා තුළ දී පිළිතුරු සපයා පුහුණුවක් ලබාගැනීම වඩාත් සුදුසු අභ්‍යාසයකි. මෙවැනි පෙරහුරු පරීක්‍ෂණ කිහිපයකට පෙනී සිටීමෙන් ඔබට නියමිත කාලයක් තුළ දී පිළිතුරු ලිවීමේ ශීඝ‍්‍රතාවය වර්ධනය කර ගැනීමට පුලුවන.ඔබ වසර ගණනක් ඉගෙන ගත් දේවල් පැය 3 ක් වැනි කෙටි කාලයක් තුළ දී හකුලුවා ලිවිය යුතුය. මේ හැකියාව වර්ධනය කර ගැනීමට ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍රවලට නියමිත කාලවේලාවන් තුළ දී පිළිතුරු සපයා පෙරහුරුවක් ලබා ගැනීම ඉතාමත් වැදගත්ය. එබැවින් ඔබ විභාගයට ඉදිරිපත් වීමට පෙර ඒ ඒ විෂයන්ගෙන් පසුගිය විභාග ප‍්‍රශ්න හතරකට පහකටවත් නියමිත කාලය තුළ දී පිළිතුරු සපයා පෙරහුරුවක් ලබා ගැනීමට, දැන්ම තියාම උනන්දු වීම යෝග්‍ය වේ. එවිට ඔබට කාලය පිළිබඳ ගැටලුවක් මතු නොවනු ඇත. එමෙන්ම මේ පෙරහුරු පරීක්‍ෂණ ඒ ඒ විෂය පිළිබඳ ලබා තිබෙන අවබෝධය කොපමණ දැයි මැන ගැනීමට හේතුවක් වනු ඇත. විෂය පිළිබඳ දැනීමේ ඇති අඩුපාඩු පුරවා ගැනීමට ද මෙය හේතුවක් වනු නොඅනුමානය. එපමණක් නොව විභාගයට අවශ්‍ය පිළිතුරු මානසිකව සංවිධානය කිරීමේ පෙර පුහුණුවක් ද ඔබට නිතැතින් ම ලැබෙනු ඇත. ඒ සමග ම පිළිතුරු ලිවීමේ වේගය ද කාලයට අනුරූපීව ඔබගේ අත හුරුකර ගැනීමට මේ නිසා හැකියාව ලැබේ.
මෙසේ ප‍්‍රශ්න පත‍්‍රවලට පිළිතුරු ලියමින් ලබන පූර්ව අභ්‍යාසය විභාග ජය සඳහා ධෛර්ය සම්පන්න කිරීමකි.ඔබ විභාග ශාලාවට යන විට නිවැරැදි වේලාව සටහන් වන ඔර්ලෝසුවක් රැගෙන යාම ඉතා වැදගත් බව සටහන් කළ යුතුය.මෙවිට ඔබට නියමිත පරිදි කාලය බෙදාගෙන පිළිතුරු සැපයීමට පහසුවන අතර ම කාලය පිළිබඳ හැඟීීම නිරතුරුව ලැබෙනු ඇත.බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයේ අඩංගු ප‍්‍රශ්න මුළු විෂය නිර්දේශයෙන් ම සකස් කරනු ලබයි. එහෙත්  ධ්ධ්  වන ප‍්‍රශ්න පත‍්‍රය සඳහා සකස් කරනු ලබන ප‍්‍රශ්න වලින් 30% එදිනෙදා සාමාන්‍ය විද්‍යාත්මක කරුණුවලට වෙන් වන අතර, තවත් 30% ක් තමන් ඉගෙන ගත් දේවල්වලින් අවබෝධය මැනීමට වෙන් වේ. තවත් 30% ක් එදිනෙදා ජීවිතයේ දී විද්‍යාත්මක දැනුම යෙදීමට ඔබට ඇති දක්‍ෂතාවය මනින ප‍්‍රශ්නවන අතර, ඉතිරි 10% විද්‍යාත්මක ක‍්‍රමයට සිතීමේ හැකියාව පරීක්‍ෂා කිරීමට යොමු කරනු ඇත.ඉහතින් සඳහන් කළ ලකුණු තත්ත්වය විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ සෑම ප‍්‍රශ්න කෙරෙහි ම බලපායි. එබැවින් උගත් විද්‍යාත්මක දැනුම් සම්භාරය ඉහත ලකුණු මට්ටම වෙන්වන ආකාරය දක්වා දැනුම වර්ධනයට යොමු කර ගත යුතුවෙයි.විද්‍යාත්ම දැනුම පරිසරය සමඟ, ජීවිතය සමඟ සංසන්දනය කිරීමටත් එතුළින් දැනුම වර්ධනය කර ගැනීමටත්, ඔබගේ අවධානය යොමු කළ යුතුව ඇත. හැම දෙයක් පිළිබඳව ම විද්‍යාත්මක හේතුඵල වාදය අනුව සිතීමේ මෙම හැකියාව විද්‍යා සිසුවකු වශයෙන් ඔබ තුළ වර්ධනය විය යුතුය. ඒ සඳහා ඔබගේ අවධානය යොමු විය යුතුව ඇත.මේ ගිනිගහන අව්වෙ සෙනඟ ගොඩේ.... තෙරපිල තෙරපිල හරිම මහන්සියි. ඒත් මේ ගහයටට ආවා විතරයි පුදුම සනීපයක් දැනෙනවා. ඉහත වදන් වැල දෙසට ඔබගේ අවධානය යොමු කරන්න. ගිනි අව්වේ රශ්මිය නිසාත් සෙනඟ ගොඩේ තෙරපීම නිසාත් ඇය මහන්සි වී සිටි. නමුත් ගසක් යටට ආවාට පසුව ඇයට පුදුම සනීපයක් ලැබේලු. මීට හේතුව ඔබ විද්‍යාත්මකව කල්පනා කර බැලුවාද? එසේ නම් ඇගේ මේ වෙනසට හේතුව කුමක්ද? එය ඔබට පැහැදිලි කළ හැකිද?
විශාල සෙනගක් සිටින තැනක ඔවුන් සියලු දෙනා ම ශ්වසනය කරන බැවින් නිරන්තරයෙන් ම ඔක්සිජන් වායුව ආශ්වාස කරමින් කාබන්ඩයොක්සයිඩ් වායුව ප‍්‍රාශ්වාස කරනු ලබයි. එබැවින් ඔවුන් අතර ඔක්සිජන් වායුව ආශ්වාස සඳහා තරගයක් ඇතිවේ. මේ හේතුව නිසා සෙනඟ ගොඩක තෙරපෙන අයට කාබන්ඩයොක්සයිඩ් වායුව හේතුවෙන් දැඩි අපහසුතාවයක් හා මහන්සියක් ඇතිවේ. එහෙත් ගසක සෙවනට පැමිණි පසු ඒ අපහසුතාවය හා මහන්සිය දුරුවී සනීපයක් ලැබේ. එසේ වන්නේ දිවා කාලයේ දී සූූර්යාලෝකය උපකාරයෙන් ශාකයේ කොළ පැහැති කොටස් අවශ්‍ය සාධක සම්පූර්ණ කර ගනිමින්, පරිසරයේ අඩංගු කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගනිමින් ප‍්‍රභාසංස්ලේෂණය කරණු ලබන නිසාය. මේ හේතුව නිසා ගසක් ආශි‍්‍රත පරිසරයකදී නිරන්තරයෙන් ඔක්සිජන් වායුව එකතු වේ. ගසක සෙවනට පැමිණි පසු වෙහෙස දුරු වන්නේ සෙවන සමඟ පිරිසිදු වාතාශ‍්‍රයක් ලැබෙන නිසාය. ඉහත ගැටලුවට හේතුව මෙසේ විද්‍යාත්මකව පැහැදිලි කිරීමට විද්‍යාත්මකව සිතීමේ ශක්තියක් තිබිය යුතුය.මේ තත්ත්වය වර්ධනය කර ගැනීමට සෑම විට ම තර්කානුකූලව සිතීමට පෙළඹිය යුතු වේ. මෙවන් තත්ත්වයක් ප‍්‍රායෝගිකව නිරීක්‍ෂණය කිරීම ද විද්‍යාත්මකව සිතීම වර්ධනය කර ගැනීමට හේතුවේ.

No comments:

Post a Comment