හැකර්වරුන්ගේ දේශය

හැකර්වරුන්ගේ දේශය
හැකර්වරුන් යනු කවුරුන්දැයි ඇතැම් විට ඔබට ගැටලුවක් විය හැකි ය. මෙහි සරල තේරුම අනුන්ගේ පරිගණකයකට රහසිගතව ඇතුළුව දත්ත සොරා ගන්නා යන්නය. මෙලෙස දත්ත සොරා ගන්නා පුද්ගලයන්ව හැකර්වරු ලෙස හඳුන්වන අතර දත්ත සොරා ගැනීම හැකිං  (hacking)ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් මොවුන් එක් එක් වයස් සීමාවල පුද්ගලයන් ය. එහෙත් වැඩි ප‍්‍රතිශතයක් තරුණ වියට පා තැබූවන් වීම සුවිශේෂිත ය. බොහෝ විට වයස 15 - 16, 20 - 24 ආදී වයස් කාණ්ඩ හැකර් රාජධානියේ මුල් පුටු හොබන්නෝ වෙති.වර්ෂයක් පාසා ලාස් වේගාස් හි පැවැත්වෙන හැකර්වරුන්ගේ සම්මේලනයට ලෝකය පුරා සිටින හැකර් මහත්වරු සහභාගි වෙති. නමුත් මෙය සිදුවන්නේ අතිශය රහසිගතව ය. මොවුන්ට පමණක් ආවේණික විවිධාකාර සංකේත අකුරු මගින් සන්නිවේදනය කරමින් මෙම සමුළුව ලෝකයාට සැඟවීමට තරම් මොවුන් දක්‍ෂ ය. විශේෂයෙන් ම තාක්‍ෂණයේ දියුණුව මොවුන්ට කදිම ආශිර්වාදයකි.එහෙත් පසුගිය වසර කිහිපය තුළ හැකර් රාජධානියේ බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතී. මෙම රාජධානියේ ස්ථිරසාර රජවරු නොසිටී. දාම් අතක ඉත්තන් මෙන් විටෙක ඔවුහු කැපී යති. තවත් විටෙක අතරමංව හිඳී. බොහෝ විට හැකර්වරුන්ට වර්තමානයක් මිස අනාගතයක් නොමැත.වර්තමානය තුළ හැකර්වරු බො වීමට ආසන්නම හේතුව වන්නේ දත්ත සොරා ගැනීම ඉතාමත් ප‍්‍රකට සහ වීර කි‍්‍රයාවක් ලෙස සමාජය පිළිගෙන තිබෙන ඬසාවෙනි.
වෘත්තිමය ආයුධආධුනිකයනට මෙම ක්‍ෂේත‍්‍රයට සපැමිණීමට අන්තර්ජාලය සපයනු ලබන සහාය අති විශාල ය. අන්තර්ජාලය පුරාවට අක්මුල් විහිදාගෙන සිටින වෙබ් පිටු මේ සඳහා නොතිත් සහයක් ඔවුනට ලබා දෙයි.30 හැවිරිදි ජෙෆ් මෝස් පවසන ආකාරයට හැකර්වරයකු ලෙස එම ක්‍ෂේත‍්‍රයට යම් පුද්ගලයකුට ඇතුළු වීමට ඇති ඉඩකඩ අසීමිත ය. බාධාවන් ඉතාමත් සීමිත ය.ඩෙෆ් මෝස් යනු අතීත සුප‍්‍රකට හැකර් රජකු සහ වර්තමාන පරිගණක ආරක්‍ෂක නිලධාරියෙකි. තවදුරටත් ඔහු පැහැදිලි කරන ආකාරයට පසුගිය කාලය තුළ හැකර්වරු අනෙක් පුද්ගලයන්ගේ පරිගණක තුළට ඇතුළු වී කළ අයුතු කි‍්‍රයාකාරකම් ප‍්‍රමාණය අති විශාල ය. ඇදහිය නොහැකි තරම් ය.රජයේ පරිගණක හදිසි තොරතුරු අංශය සැපයූ දත්තයනට අනුව අමෙරිකා එක්සත් ජනපදය තුළ මෙවන් කි‍්‍රයා 5000 ක් පමණ පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇත. එහෙත් තවමත් වාර්තා නොකළ සිද්ධි බොහොමයක් ද තිබිය හැකි ය. විශේෂයෙන් ම පෞද්ගලික අංශය මේ පිළිබඳව රජයට වාර්තා කිරීමෙන් හැකිතාක් වැළකී සිටී.එෆ්. බී. අයි. ආයතනය ගණනය කර ඇති අන්දමට පසුගිය වසරේ අනවසර පරිගණක දත්ත කොල්ලකෑම් නිසාවෙන් සිදු වී ඇති අලාභය අමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.5 කි. හැකර්වරුන්ට ඉතාමත් ලෙහෙසියෙන් අනාරක්‍ෂිත පරිගණක තුළට වැදී ඔබේ රහස්‍ය අංක සහ රහස්‍ය වදන් සොරා ගත හැකි ය.එපමණක් නම් කම් නැත. දැඩි ආරක්‍ෂිත පරිගණකයනට පවා මොවුන්ට යම් වෙහෙසක් දැරීමෙන්්පසුව ඇතුළු විය හැකි ය. වඩාත් භයානක වන්නේ ඔබේ රහස්‍ය වදන භාවිතා කර ඔබේ පරිගණකය තුළින් ම මොවුන් ඔබේ බැංකු ගිණුම හිතුමනාපේ පාවිච්චියට ගැනීම ය.ඔබේ ආයතනයේ යම් යම් රහස් සොරා ගැනීමට ද හැකර්වරු දක්‍ෂයෝ ය. 2000 වසරේ මයික්‍රොසොෆ්ට් ආයතනයට මොවුන් කඩා වැදි ආකාරයත්, යළිත් වරක් 2004 වර්ෂයේදී  ඔවුන් මයික්‍රෝසොෆ්ට් ආයතනයට කඩා වැදුණු ආකාරයත් හොඳම උදාහරණ ලෙස උපුටා දැක්විය හැකි ය.
යහපත් සහ අයහපත් හැකර්වරුහැකර් රාජධානියේ යහපත් සහ අයහපත් දෙවර්ගයේ ම පුද්ගලයෝ වෙසෙති. සාමාන්‍යයෙන් සෑම හැකර්වරයෙක් ම දුෂ්ට සිතැත්තෙක් නොවේ. සමහර හැකර්වරු එක් එක් ආයතන සඳහා පමණක් කැප වී වැඩ කිරීම මෙහිදී හඳුන්වා දිය හැකි ය.  තම ආයතනයේ ආරක්‍ෂිත වැඩපිළිවෙළ සුරැකීමට පමණක් ඔහු බැඳී සිටියි. මේ ආකාරයේ හැකර්වරු ඇත්තටම මහත්වරු ය. මන්දයත් මොවුන්ගෙන් කිසිවකුට හානියක් සිදුනොවන බැවිනි.23 හැවිරිදි සයික් පවසන ආකාරයට යම් පද්ධතියක් බිඳ දැමීමට ඉතාමත් ලෙහෙසි කටයුත්තකි. එහෙත් එයට පිළිතුරක් සොයා ගැනීම අතිශය අපහසු ය. මොහු අතීත හැකර්වරයෙකි. වර්තමාන පරිගණක ආරක්‍ෂක නිලධාරියෙකි.
සාම්ප‍්‍රදායික හැකර්වරුඩෙත් වෙහී පවසන ආකාරයට බොහෝ දෙනා සිතන්නේ හැකර්වරු තුන්වැනි ලෝක යුද්ධය ඇරැඹීමට සැරැසෙන, පුද්ගලයන් කොටසක් යනුවෙනි. ඔහු 1984 දී බිහි වූ “ඩෙඩ් කව්” හැකර් සමාජයේ ප‍්‍රබල සාමාජිකයෙකි. ඩෙත් තවදුරටත් පැහැදිලි කරන ආකාරයට හැකර්වරු යනු අනෙක් පුද්ගලයන්ට වඩා බුද්ධිමත්, අතිශය කම්මැලි, මුළුගැන්වුණු පිරිසකි. එය සත්‍යයට ළඟ කියමනක් ලෙස පසුගියදා කළ සමීක්‍ෂණයකින් ද හෙළි විය. සාමාන්‍යයෙන් මොවුන් තමන්ගේ තාරුණ්‍යයේ එළිපත්තේදී ම හැකර් වෘත්තියට සපැමිණෙන අතර වයස 30 ට ළඟා වන විට ඉන් ඉවත් වේ. එහෙත් වයස් පරතරයකින් විනිර්මුක්තව ඕනෑම අයකුට හැකර්වරයකු විය හැකිය මේ පිළිබඳව පළ වී ඇති තවත් අදහසකට අනුව වැඩි ප‍්‍රමාණයක් තමන් විසින් ම තමාට හැකර්වරයකු යැයි කියා ගන්නා පුද්ගලයන් ය.බොහෝ දුරට වඩාත් භයානක හැකර්වරු නොවේ ක‍්‍රැකර්වරුන් ය. ක‍්‍රැකර්වරු නිරන්තරයෙන් ම තමා ඇතුළු වූ පරිගණකයේ දත්ත සොරා ගන්නවා පමණක් නොව එම පරිගණක පද්ධතිය ම විනාශ කරයි. එහෙත් හැකර්වරු එපමණ දරුණු නැත. ක‍්‍රැකර්වරුන්ට වඩා හැකර්වරු තරමක් සාමකාමී ය. සාධාරණ ය.20 හැවිරිදි “ටී - 12” නමැත්තා පවසන ආකාරයට සාමාන්‍යයෙන් ඔහු රහසිගතව ඇතුළුවන සෑම වෙබ් ලිපිනයක් ම, සෑම පරිගණක පද්ධතියක් ම විනාශ කර දමයි. විශේෂයෙන් ම තමන්ගේ ජංගම දුරකථනයට අනවශ්‍ය තරම් බිලක් එවීමට දුරකථන සමාගම සැහැසි වුවහොත් (ඔහු ඒ බිලට ඇමතුම් ගෙන තිබීම තඹේකටවත් මායිම් නොකරයි.) වහාම කි‍්‍රයාත්මක වන පරිදි එකී පරිගණක දත්ත ජාලයට ඇතුළු වී එයට තමන්ට කළ හැකි උපරිම හානිය සිදුකරයි.
සාපරාධී හැකර්වරුකිසිදු ශබ්දයක් ඇති නොකර ඉතාමත් නිශ්ශබ්දව හැකර්වරයකු වශයෙන් සැරිසැරීම තරම් තවත් භයානක දෙයක් නැතැයි පරිගණක විශේෂඥයෝ පවසති. මොවුන්ව හඳුන්වා දීමට ඔවුන් භාවිතා කරන්නේ “සයිබර් අපරාධකරුවන්” යන නාමයයි.හැකර්වරු මේ සඳහා පෙළැඹෙන්නේ මන්දැයි විමසිය යුතුම ය. විශේෂයෙන් ම සමාජයේ තනිවුණු චරිත මේ සඳහා දැඩි නැඹුරුවක් දක්වයි. වඩාත් ආශාවෙන් කළ හැකි සහ ඉක්මනින් සමාජ පිළිගැනීමක් ලබා ගත හැකි එකම මාර්ගය හැකර්වරයකු වීම ලෙස මොවුන් සලකයි. සමාජය විසින් වීරයකු ලෙස තමාව පිළිගනී යැයි තිබෙන අන්ධ විශ්වාසය මේ සඳහා ඔවුන්ව නොබියව කැඳවාගෙන යයි.
ඔටුනු අහිමි වීමහැකර්වරයකු ලෙස හැකර් රාජධානියේ දීර්ඝ කාලයක් රැඳෙන්නේ අතළොස්සකි. නිරන්තරයෙන් ම මොවුන්ට අවශ්‍ය වෙනස් වීමට ය. මේ නිසා තම ඔටුන්න ස්ව කැමැත්තෙන් ම ගලවා තබා මේ රාජධානියෙන් නික්ම යන්නට වැඩි දෙනකු කැමැත්තක් දක්වයි.21 හැවිරිදි බෙන් විල්සන් පවසන ආකාරයට ඔබට දත්ත කොල්ලකරුවකු ලෙස මාර්ග ති‍්‍රත්වයක් ඔස්සේ ගමන් කළ හැකි ය. පළමු මාර්ගය ලෙස පැරැණි උපාය මාර්ග දිගටම අත්හදා බැලිය හැකි ය. දෙවැනියට ඔබට හොඳම මිනීමරු හැකර්වරයා වීමට ද හැකි ය. තෙවැනිව ඔබට ඔබ සතු දක්‍ෂතාවයන් භාවිතා කරමින් යහපත් සහ ආරක්‍ෂාකාරී අන්තර්ජාල ආරක්‍ෂක සේවාවක් නිර්මාණය කළ හැකි වෙයි.කෙසේ නමුත් වර්තමානයක් මිස අනාගතයක් අහිමි හැකර් රාජධානියේ රජවරුන්ගේ මීළඟ සිහිනය දෙස අප විමසිලිමත් ව බලා සිටිය යුතුය.

No comments:

Post a Comment